
(මනෝප්රිය ගුණසේකර)
1999 වසරේ ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනුකොට ඇති අධිචෝදනාව අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගය ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කරනු ලැබ ඇත්තේ නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ අභියාචන පෙතසමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වන මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අභයකොන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.
අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්වේ.
1999 දෙසැම්බර් 21 වැනිදා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණයේ අධිචෝනා මත පවරා ඇති නඩුවට එරෙහිව හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම විභාග කර අදාල අදාල අධිචෝදනාව බලරහිත කරමින් රිට ආඥවක් නිකුත් කළ අතර එම තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ තීන්දුව වැරදි සහගත බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කළේය.
හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා පෙනී සිටියේය.
වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd