
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන සහ අනුක ජීව විද්‍යා උපාධිය හැදෑරීම සඳහා තේරී පත්වූ සිසුවෙකු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ඇතුලත් කිරීමට නියෝග කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අභියාචනාධිකරණ රිට් ආඥාවන් නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙසේ රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවේ අදාළ සිසුවා ගොනුකොට තිබූ රිට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන චතුදස මෙන්ඩිස් මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසින් ප්‍රකාශයට පත්කළ තීන්දුවේ මෙසේ සඳහන් වේ.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී ‘ඒ ශ්‍රේණියේ’ සමාර්ථ දෙකක් සහ ‘බී ශ්‍රේණියේ’ සමාර්ථයක් ලබාගත් පෙතසම්න්කරු වෛද්‍ය උපාධිය සඳහා ඉල්ලුම් කලත් ඔහු තේරී පත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යා සහ අනුක ජීව විද්‍යා උපාධිය හැදෑරීම සඳහායි.
රාජ්‍ය සාහිත්‍ය සම්මානයද ජාතික කථික තරඟයේ හොඳම කථිකයාට හිමි සම්මානයද ඊට අමතරව ජාත්‍යන්තර සම්මාන ගණනාවක්ද දිනා ඇති පෙත්සම්කරු තමන් අන්තර්ජාතික හා දීප ව්‍යාප්ත තරග වලින් ජයග්‍රහණය ලබා ඇති බැවින් විශේෂ ඇතුළත් වීමේ ක්‍රමවේදය යටතේ තමන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ඇති බව පෙතසම්කරු සඳහන් කර ඇත.
ඒ අනුව වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා තමන්ට අවස්ථාව දෙන ලෙස නියෝහග කරමින් රිට් අඥාව නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙත්සම්කරුට අසාධාරණයක් සිදුවී ඇති බව අධිකරණය මතය බව සඳහන් කළ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන සහ අනුක ජීව විද්‍යා ඒකකයට තේරී පත්වීම අවලංගු කර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට ඇතුළත් කරන ලෙස රිට් ආඥාවක්! නිකුත් කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අනුෂා පේරුසිංහ මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ දිල්මිණි ද සිල්වා මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd