(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ ඉඳුරුව යාලේගම ප්‍රදේශයේ රථ වාහනයකින් හප්පා මිය ගියේ යැයි සැකකෙරෙන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද(26) අලුයම සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා ගාලු පාරේ ගමන් ගත් රථ වාහනයක හැපීමෙන් මිය යන්නට ඇති බවත් ඔහුගේ සිරුර තැලී පොඩිවී ඇති බවත් පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ තොරතුරු මෙතෙක් අනාවරණයවී නැති බව පවසන පොලීසිය මේ පුද්ගලයා අනතුරට ලක් කළ රථ වාහනය සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd