(ගයාන් සූරියආරච්චි)

උපන් දින සාදයකින් අනතුරුව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු ලොරි රථයකින් හප්පා ඝාතනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (2) අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මණ්ඩාපොළ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සහ මරණකරු මිතුරන් බවද පොලිසිය පවසයි.

මණ්ඩාපොළ ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගිවූ මරණකරු සහ සැකකරු එකට මත්පැන් පානය කර ඇති අතර පසුව මරණකරු යතුරුපැදියෙනුත් සැකකරු ලොරි රථයකිනුත් ගමන් කර ඇති අතර එහිදී මණ්ඩාපෙළ හල්මිල්ල කොටුව ප්‍රදේශයේදී සැකකරු ලොරි රථයෙන් මරණකරු ගමන් කළ යතුරුපැදිය හප්පා එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

එහිදි බරපතළ තුවාල ලා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු මියගොස් තිබූ බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මණ්ඩාපොළ ප්‍ර දේශයේ පදිංචි 19 හැවිරිදි රශ්මික ජයසිංහ නැමැති පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හෙටිටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.