(අංජුල මහික වීරරත්න)

ඇමරිකා රජයේ ප්‍රදානයක් ලෙස පිරිනැමු P 628 " සමුදුර විජය " යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ හෙට (4) අධිකාරියට පත් කෙරෙයි.

නෞකාව අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙ  ප්‍රධානත්වයෙන්  ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ETC පර්යන්තයේදී පැවැත්වීමට නියමිතය.

මෙම නෞකාව දිගින් මිටර 64 කි. එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් යුක්තය.