IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල

 


(රේඛා තරංගනී ෆොන්සේකා)

බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට  බඹරැන්ද  ප්‍රදේශයේදී  මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මරණයට පත්ව දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ.

දුම්රිය රියදුරු ටී. එම් ජයසිංහ මහතා මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුරින්  ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබු මොණරා එම ස්ථායේදීම මියගොස් තිබේ.

M7 Class කෙටිදුර ධාවන දුම්රියක් වන 747  දුම්රිය නියමු කුටියේ ඉදිරිපස විදුරුව කඩාගෙන මොණරා රියදුරුගේ හිසේ වැදී ඇත. රියදුරු ප්‍රතිකාර සඳහා යොමුකොට ඇත.

වසර 32 සිය සේවා කාලය තුළ මෙවැනි හදිසි අනතුරක තමා පත්වු පළමු අවස්ථාව මෙය බව රියදුරු මහතා සඳහන් කළේය.

 

 



අදහස් (5)

කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල

බකල ජයා Sunday, 08 June 2025 06:36 PM

කඳ සුරිඳුට වාහනේ අලුත් කරන්න ඕනෑ වෙලා තිබුණත්, කපු රාලලා සල්ලි පාස් කරන්නෑ. ආර්ථිකය අවුලක්ලු.

:       2       19

Ekanayake Sunday, 08 June 2025 08:46 PM

අර ආචාර්ය නෝනා රෙද්ද උස්සාගෙන එයිද දන්නෑ විරෝධය පාන්න...

:       5       15

ලුම්බිණි Monday, 09 June 2025 06:58 AM

පව්...!

:       0       0

chinwi Monday, 09 June 2025 07:07 AM

මොණරු ඔහොම මෝඩ වැඩ කරන්නේ නෑ. මේ මොනරාගේ හාමිනේ, සෙබඩක්. අපේ හාමිනේලා වගේ තමයි. මූණට කඩා පනිනවා.

:       1       0

Nandalal DE SILVA - France Monday, 09 June 2025 06:18 PM

දැන් ඔය අනතුර සිදුවන විට, එම වාහනෙ රියදුරු අසුනේ හිටියේ කද සුරිඳුන් වෙන්න බෑනේ ! කද සුරිඳුන් කවමදාකවත් සිය වාහනයේ සුක්කානම අතට ගන්නවා අප දැක නැහැ. ඒ වගේම එම වාහනය පැදවූ රියදුරාද ඉතා හොඳින්, ආරක්ෂාකාරීව එම වාහනය පදවන නිසා සහතිකපත්, සම්මාන ආදිය පවා ලබා තිබෙන බව "කතරගම නිවුස්" පුවත් පතේ පවා කිහිප වතාවක් පලවී තිබුණි. මෙ අනුව, මෙම අනතුරෙ සම්පූර්ණ වගකීම එම කොච්චි රියදුරු භාරගතු බවත්, කද සුරිඳුන් ගෙ වාහනයට සිදුවූ අලාභ වලට වන්දි වශයෙන් පඩුරු වට්ටි දහසක් ගෙවිය යුතු බවත් තීරණය විය. පව් ... අනේ ... පව් ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site