
(විමුක්ති එස් රුද්‍රිගු)
විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනක් පමණ) මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් මෙරටදී විශ්‍රාම යුවළකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ දැක්වේ.
ඇමෙරිකානුවන් මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් විශ්‍රාම යාමට මැලිකමක් දක්වන බවත් පසුගිය වසරේදී විශ්‍රාම යන කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ දැරුවන් පිරිස 2024 සාපේක්ෂව සියයට 14 කින් ඉහළ ගොස් ඇති බවත් එම සඟරාව පැවැසුවේය. දැන් එම ගැටලුවට කදිම විසඳුමක් ලැබී තිබෙන බවත් ඇමෙරිකාවේ විශ්‍රාම ගන්නන්ට ශ්‍රී ලංකාවේදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබෙන බවත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව ප්‍රකාශ කළේය.
ආහාර පාන, ඉඳුම් හිටුම්, ගමනාගමන පහසුකම් සියල්ලම දැරිය හැකි මට්ටමක තිබෙන බවත් ඇමෙරිකානු ඩොලර් 1000 ක් වියදම් කරන යුවලකට මාසයේ වැඩි දවස් ප්‍රමාණය පිටින් ආහාර ගැනීමට හැකියාව තිබෙන බවත් එම සඟරාව පෙන්වා දුන්නේය. ඇමෙරිකානු ඩොලර් හතරක මුදලට යුවලකට තුන්වේලම දේශීය ආහාර ලබාගත හැකි බවත් එම සඟරාව ප්‍රකාශ කළේය.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර ඇමෙරිකානු ඩොලර් 1800 ක මුදලකට යුවලකට වියට්නාමය තුළ සිය විශ්‍රාම දිවිය සුඛෝපභෝගීව ගතකළ හැකි බව එම සඟරාව පැවැසුවේය. එහි තෙවැනි ස්ථානය තායිලන්තයට හිමිව තිබෙන අතර ඇමෙරිකානු ඩොලර් 2000 ක් වියදම් කළ හැකි යුවළකට සුඛෝපභෝගීව තායිලන්තයේ සිය විශ්‍රාම දිවිය ගත කිරීමට හැකියාව ඇත.
එසේම එම ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දූපත් වලටත්, පස්වැනි ස්ථානය මැලේසියාවටත් හිමිව තිබේ. ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව මාසික සඟරාවක් වන අතර ලක්ෂ 48 ක පාඨක පිරිසක් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලිම්වල ඉන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාව කාපු හිටපු පාලකයෝත් විශ්‍රාම දිවිය ලංකාවේ හොඳටම ගතකරනවා. හැබැයි උන්ට ඇමෙරිකානු ඩොලර් 1000 ක්නම් මදි.
මේ අදහස් දායිද දන්නෙ නෑ, කවුද මේ විහිළු සපයන්නේ, අවශ්‍ය බෙහෙත් නෑ, දැන් සති ගණනක ඉදලා ගෑස්ස් නැහැ. වාහනයක් ගන්න කෝටි ගානක් යනවා
දෙනකොට පමණක් නම් ඉන්න පුළුවන් ඇති.
ඇවිදගන්න බැරි උනාම රෝද පුටුවෙන් යන්න බැහැ ගොඩක් ස්ථාන වලට. වැස්ස දවස් වලට පාරවල් වල යන්න බෑ වලවල් වල වැටෙනවා.
ඩොලරය රුපියලට පරිවර්තනය කරලා ගණන් බැලුවාම නම්, හරි වගෙයි තමයි පේන්නේ...නමුත්, අසනීපයක් හැදුනාම, ශරීර අවයවත් විකුනන්න වෙයි බෙහෙත් ගන්න... පොදු ප්‍රවාහන සේවය තුල විශ්‍රාමික වැඩිහිටියන්ට තිබෙන පහසුකම් ලංකාවේ තියනවද..? අනික, දියුණු රටවල වැදගත්, සල්ලි කාරයින්ට මේ වගේ රටවල් වලට එන්න තරම් පිස්සුවක් නැහැ...විදේශගත ශ්‍රී ලාංකිකයින් නම්, විශ්‍රාම දිවියේ සම්බෝලයි බතුයි, කාල ඉන්න හරි ලංකාවට එන එක හොඳයි.. නැත්නම් ඒ රටවල මලමිණිය වලදමන්නත් සෑහෙන වියදමක් යනවනේ... අනික ඉතින්, නොකා, නොබී, ලංකාවෙන් පිටරටවලට පැනගෙන ඉන්න පුජකයින්ටත් කඹුරලා, ඔවුන්වත් නඩත්තු කරලා, පෙරේත කමට රැස් කරගත් මුදල් ටික අනාගත පරම්පරාවට ඉතුරු කරලා තියල යන්නත් ඕනනේ... අපේ එවුන්ට ලබන ආත්මෙනේ පින තියෙන්නේ.. පව්!!
භාණ්ඩාගාරයද පිරී ඉතිරී ඇති බව පවසන ශ්‍රීලංකා ගොබ්බ මාලිමා රෙදි ගලවාගත් ආණ්ඩුව නම් රටේ වැඩිහිටියන්ට දෙන දීමනා මුදලේ ජනවාරි මසට හිමි මුදලවත් දී ගත නොහැකිව කෙපර බාමින් සිටී. අසරණ දෙමාපියන් මාසෙට සැරයක් ගන්න බෙහෙත් ටිකටවත් මුදලක් නොමැතිව මහමග බස්රථවල මුදල් ඵකතුකරමින් ඉන්නවා ඔය සෙප්පඩ බිමලයාටවත් ආරංචි වෙලා නැද්ද? අම්මේ තාත්තේ සමාවන්න අපට.