ඇල්ල ප්‍රසාද් රුක්මල්

ලොවපුරා දෙස්විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් ඇල්ල ඓතිහාසික ආරුක්කු නවය පාලම (අහස් නවය) ඇමෙරිකා, ඊශ්‍රායල් - ඉරාන මැදපෙරදිග යුද ගැටුම් සමග සංචාරකයන් නොමැති වීමෙන් මේ දිනවල පාළුවට ගොස් ඇත.

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමන් මාර්ගයේ ප්‍රධාන එක් නැරඹුම් ස්ථානයක් ලෙස ඇල්ල ඓතිහාසික අහස් නවය ආරුක්කු පාලම නම් කර තිබේ.

ඇල්ල අහස් නවය ආරුක්කු පාලම මෙරට දේශීය සංචාරකයන්ද විනෝද චාරිකා, වන්දනා ගමන් යන අතරතුර නැරඹීමට අමතක නොකරන ස්ථානයකි. 

ඇමරිකාව ඊශ්‍රායලය ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල පවතින යුද වාතාවරණය හේතුවෙන් මෙරටට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවී තිබීම මෙයට හේතුවී ඇතැයි සංචාරක මගපෙන්වන්නෝ පවසති.