උපුල් වික්‍රමසිංහ

ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙකකට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගෙඩබෑම සඳහා කළ රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ පසු නැවතත් මාර්තු 4 වැනි දින ආයුධ රහිත ගුවන්යානා දෙකකට එම ගුවන්තොටුපළටම ගොඩබෑම සඳහා ඇමෙරිකාව ඉල්ලීමක් කර තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බව එම ආරංචි මාර්ග කියයි.

පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකකට මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණීමට ඉඩ දෙන ලෙස ඇමෙරිකානු රජය ඉල්ලීමක් කළ බවත් ඊට අවසර නොදුන් බවත් ය.

ඊට සමගාමීව ඉරානය විසින් එරටේ නාවික යාත්‍රා තුනකට මාර්තු 9 සිට 13 දක්වා කොළඹ වරාය වෙත ළඟාවීම සඳහා අවසර ඉල්ලා තිබුණු බව ද මධ්‍යස්ථ ස්ථාවරය ආරක්ෂා කරගනිමින් එම ඉල්ලීමට ද අවසර නුදුන් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කීවේ ය.