නිශාන්ත කුමාර බණ්ඩාර
වතු කම්කරු ජනතාවගේ මෙතෙක් ඉටු නොවු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මැදිහත් වෙන ලෙස ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පසුගියදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමුළුව අමතමින් ඉල්ලීමක් කර ඇත.
වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් මෙතෙක් ඉටුවී නොමැති හෙයින් වහා ඒවා ලබාදීමට මැදිහත් වන ලෙසද, කාන්තාවන්ට හා පුරුෂයන්ට සමාන වැටුප් ලබාදෙන ලෙසද, වැඩ කරන වතු ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.
ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා අලුතින් නීති සකසන ලෙසද ජිනීවා මානව කොමිසම හමුවේ ඔහු කියා සිටියේය.
වතු කම්කරු ජනතාවගේ පමණක් නොව වතු ආශ්‍රිත සේවය කරන සියලු ජනතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද පවසූ ඔහු, මලයහම් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු කළේය. දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ඔවුන්ගේ නිවාස ගැටලුව විසඳීම ද එම ඉල්ලීම් අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd