උපුල් වික්‍රමසිංහ
පිරමීඩ යෝජනා ක්‍රම, වැඩි ලාභ පෙන්වා ජනතාව මුළා කරන ආයෝජන ක්‍රම, නීතිවිරෝධී තැන්පතු භාරගන්නා ව්‍යාපාර සහ ඩිජිටල් වංචා ක්‍රම හේතුවෙන් පුද්ගලයන්ට මූල්‍ය පාඩු සිදුවෙනවා පමණක් නොව සමස්ත ප්‍රජාවම එක්රැස් කරගත් ඉතුරුම් විනාශවීමක් සිදුවෙන බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පසුගිය 2 වැනිදා කොළඹ දී පැවසීය.
මූල්‍ය වංචා කෙරෙහි සාර්ව ආර්ථික දැක්මකින් බැලූ විට මෙම වංචා හේතුවෙන් බොහෝ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් ගොඩනැගූ විධිමත් මූල්‍ය ආයතන කෙරෙහි ඇති ජනතා විශ්වාසය දුර්වල වෙන බව ද අධිපතිවරයා සඳහන් කළේ ය. දිනෙන් දින ඉහළ යන ඩිජිටල් වංචාවලින් ජනතාව ආරක්ෂා කරගැනීමත් නීතිවිරෝධී යෝජනා ක්‍රම, විශේෂයෙන් රට පුරා ව්‍යාප්ත වී තිබෙන වගා ව්‍යාපෘති පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය දුරු කිරීමත් ඉතා වැදගත් බව හෙතෙම ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉකුත් 2 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති “වංචාවලින් ආරක්ෂා වෙමු” (Be Scam Proof) මැයෙන් මූල්‍ය වංචා සිදුවන ආකාර සහ ඒවායෙන් ආරක්ෂා වන ආකාරය ගැන ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd