සුජිත් හේවාජුලිගේ
අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රජයේ නිලධාරීන්ට එක ළඟ විදේශ සංචාර නොදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
සමහර ප්‍රධානීන් තමන්ට හිතවත් නිලධාරීන්ට ළඟ ළඟ විදේශ සංචාර අවස්ථා දෙන බවට ලැබුණු තොරතුරු අනුව අමාත්‍යවරයා මෙම දැනුම් දීම කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇතැම් නිලධාරීන් කෙටි කාලයක දී විදේශ සංචාර කිහිපයකම යෙදී ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.
එකම පිරිසක් විදේශ සංචාරවල යෙදීමෙන් තමන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ සේවා සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන විදේශ පුහුණුවීම් සහ අධ්‍යයන සැසි සඳහා සුදුසු නිලධාරීන් යොමු කරන බවයි. විදේශ පුහුණු සඳහා නිලධාරීන් තේරීමේ දී කිසිවිටෙකත් හිතවත්කම් නොබලන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ විදේශ සංචාර සීමා කරන ලෙසට ද රජය මුල් අවස්ථාවේදී උපදෙස් දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd