නිශාන්ත කුමාර බණ්ඩාර
ගංවතුර බැස යාම සඳහා ජල බසිනා ක්‍රියාවලිය පහසු කිරීම යටතේ ඇළ මාර්ග 31ක් ප්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීම රජය විසින් ආරම්භ කර ඇති බවත් මේ කටයුතු සඳහා වාර්ෂිකව රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් වැය කරන බවත් නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ලබන ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන ඇළ මාර්ග සහ වැව් පද්ධතිවල නඩත්තු කටයුතු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පළාත් පාලන ආයතනවල සහාය ඇතිව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සිදු කෙරේ.
කැලණිය, වෙදමුල්ල, මට්ටක්කුලිය, කාක දූපත, මීතොටමුල්ල කසළ අංගණය වටා ඇති ඇළ මාර්ග, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ බාරොන් තිලකානන්ද ඇළ මාර්ග මේ යටතේ පවිත්‍ර කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd