ප්‍රේමකීර්ති රණතුංග
මොනයම් හේතුවක් නිසා හෝ තෙල් හිඟයක් ඇතිවීමට, විදුලිය කප්පාදු කිරීමට හෝ පොහොර සහ බෙහෙත් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් කැබිනට් රැස්වීමේදී පවසා ඇත.
ඉන්ධන මිල ඉහළ යාම සහ මෙරට මතුවී ඇති ඩොලර් ප්‍රශ්නය එම කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබූ අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසය වන විට ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවූ බවය. වාහන ආනයනය සඳහා අධිභාරයක් පැනවූයේ ඩොලර් සංචිතය ආරක්ෂාකර ගැනීමට බවද ඔහු සඳහන් කර තිබේ.
තෙල් හිඟයක් විදුලිය කප්පාදුවක් සහ පොහොර හිඟයක් ඇතිවුව හොත් රටේ පැවැත්ම දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්වන බව පවසා ඇති ජනාධිපතිවරයා එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවද පවසා ඇත. මිල තවදුරටත් ඉහළ යා හැකි වුවත් එම භාණ්ඩ හිඟයකින් තොරව ලබා ගැනීමට පහසුකම් සලසන බවද ආනයන වියදම් ඉහළ යාම වළක්වා ගැනීම සදහා ඉදිරියේදී තවත් පියවර කිහිපයක් ගැනීමට සිදුවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd