සුජිත් හේවාජුලිගේ
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ) නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර සහ ආපදා කළමනාකරණ අංශවල විශේෂ අවධානය යොමුවී ඇත.
මෙම ඉදිකිරීම් බොහොමයක් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ හෝ කිසිදු අනුමැතියකින් තොරව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
ගඟ දෙපස ඉදිකර ඇති හෝටල් සහ අවන්හල් හේතුවෙන් ජලය බැස යෑමට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තාවේ.
මේ අතර මහනුවර ප්‍රදේශයේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව නිවාස ඇතුළු ඉදිකිරීම් කිසිවක් නායයෑමට ලක්ව නැති බව පරිසර සංවිධාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම සංවිධානවල ප්‍රමිතීන්ට අනුව ඉදිකෙරුණු නිවාස පිහිටි හන්තානකන්ද, බහිරවකන්ද, අතිවත්ත, වැව රවුම යන ප්‍රදේශවල කිසිදු නාය යෑමක් සිදුවී නැතැයි පෙන්වා දෙන පරිසර නිලධාරීහු නාය හානි වැඩි වශයෙන් සිදුවී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිකර ඇති පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාසවලට බව අනාවරණය කරති.
එල් ආකාරයට කඳු කපා ආරක්ෂිත කණු සකස් නොකර එම පිරිස් මෙලෙස අවිධිමත් ආකාරයට නිවස ඉදිකර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
හන්තානවත්ත ප්‍රදේශය ගැන විවිධ කට කතා පැතිරුණත් එහි එක වැලි කැටයක් හෝ නාය ගොස් නැති බව පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රමිතියට ගෙවල් හැදු එක කන්දක්වත් නාය ගිහින් නෑ අනවසර හෝටල් 200ක් මහවැලි ගඟ වටේ ආපදා කළමනාකරණ අංශ පවසයි