නිරෝෂාන් ප්‍රේමරත්න
රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය' අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ග 07ට අමතරව “ආරෝග්‍යා’ ව්‍යාපෘතියෙන්ද එළඹෙන සඳුදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය තීරණය කොට තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය චමිල විජේසිංහ මෙසේ පැවසීය.
“ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් ආරම්භ කළ ආරෝග්‍යා ව්‍යාපෘතිය මේ වනවිට දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කොට ගෙන තිබෙනවා. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරෝග්‍යා යන බෝඩ් ගසාගෙන සෞඛ්‍ය සායන, සෞඛ්‍ය කඳවුරු, ආධාර කඳවුරු ආදී ලෙස පවසමින් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරමින් තිබෙනවා. මෙහි බරපතළම කාරණය වන්නේ සෞඛ්‍ය අමත්‍යාංශයේ සම්පත් සහ මහජන බදු මුදල් මෙම දේශපාලන ව්‍යාපාර කටයුත්ත සඳහා යොදවා ගැනීමයි.
ප්‍රාථමික සෞඛ්‍ය නැංවීම පිළිබඳව හුවා දැක්වුවත් ඊට අදාළ කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා කිරීමක් හෝ සිදුකර නැහැ. විශේෂයෙන් එහි අරමුණ, ක්‍රියාත්මක කරන ආකාරය, සැලසුම හා අරමුදල් ලැබෙන ආකාරය පිළිබඳව මෙතෙක් අප දැනුවත් කර නැහැ. අපි සාකච්ඡා ඉල්ලා සිටියත් මෙතෙක් සාකච්ඡාවක් ලබාදීමක් සිදුකර නැහැ. මේ නිසා සමස්ත “ආරෝග්‍යා’ ව්‍යාපෘතියෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස සියලු ව්‍යෛවරු සඳුදා (02දා) සිට ඉවත් වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd