උපුල් වික්‍රමසිංහ
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති අභ්‍යන්තර වංචාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බව එම අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ දූත පිරිසේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පසුගිය 09 වැනිදා කොළඹදී පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
එම වංචාවෙන් රුපියල් බිලියන 13.2 ක පාඩුවක් වාර්තා වී ඇති බව කී දූත මණ්ඩල ප්‍රධානියා, අභ්‍යන්තර විමර්ශනයක් සිදු වන බවට තමා විශ්වාස කරන බව ද කීවේ ය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් ණය පහසුකමට අදාළ පස්වැනි සහ හය වැනි සමාලෝචන අවසන් කිරීමෙන් පසු මහ බැංකුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ජාතික සංවර්ධන බැංකුවේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd