ගයාන් සූරියආරච්චි
සමාජයේ ආන්දෝලනයට තුඩු දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අයැදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් “ඉරිදා ලංකාදීපය‘ ට පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා 28දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිකුරාදා (27 දා) දැනගන්නට ලැබිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ පෑලියගොඩ ප්‍රදේශයේදී ඉකුත් 25 දින අත්අඩංගුවට ගත්හ. ඒ අනුව ඔහු පොලිසියේ පවතින නීති ප්‍රතිපාදන මත දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් කරගත් තොරතුරු මත දින 90 ක රැඳවුම් නියෝග ලබාගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බව ද එම උසස් නිලධාරියා පැවසීය.
සැක කටයුතු තරුණයන් හතර දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු වෙත යොමුකර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිළිබදව සංවේදී තොරතුරු රැස්කිරීමට සැලැස්වීම, පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ගේ පෙර ක්‍රියාකාරකම් අනාවරණයවීම වැළැක්වීම, පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබියදී ඉතා සූක්ෂ්ම ලෙස එම තොරතුරු අනාවරණයවීම වැළැක්වීම, අවහිර කිරීමට සෘජු හෝ වක්‍ර ලෙස ක්‍රියාකිරීම යන චෝදනා යටතේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබූ බව එම ප්‍රකාශකයා කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ බවට පැහැදිලි ප්‍රමාණවත් සාක්ෂි ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඉකුත් දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුවේය.
ලංකාවේ මෑත කාලයේ සිදුවූ ප්‍රබලම විමර්ශනය පාස්කු ඉරිදා ප්‍රහාරය වන අතර එම ප්‍රහාරයෙන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. දරුවන් ඇතුළු විශාල පිරිසක් අදටත් දුක් විඳින අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විශාල සාක්ෂි ප්‍රමාණයක් පොලිසිය සටහන් කරගෙන ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබදව කරුණු අනාවරණය කරගැනීම සඳහා පොලිසිය දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරියේදී එම ප්‍රහාර මාලාවේ මහ මොළකරු අනාවරණය වනු ඇති බව විශ්වාස කරන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd