ලවංගා මාධවී දෑරංගල

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද එය අප්‍රේල් මැද දක්වා පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් “ඉරිදා ලංකාදීප”යට ප්‍රකාශ කළේ අධික උණුසුමෙන් ආරක්ෂා වීමට ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩි වේලාවක් සූර්ය රශ්මියට නිරාවරණය නොවීම, වාහනවල කුඩා දරුවන් රඳවා නොයෑම, ළා පැහැ ඇඳුම් ඇඳීම වැනි ආරක්ෂක උපක්‍රම අනුගමනය කළ යුතු බව හා රෝගී සහ වැඩිහිටි පුද්ගලයන් විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවයි.

පසුගිය සිකුරාදා (13දා)  වන විට රත්නපුර සෙල්සියස් අංශක 37.5, පුත්තලම සෙල්සියස් අංශක 34.8, මත්තල 35.9, කුරුණෑගල 35.8 වශයෙන් උණුසුම් කාලගුණ තත්ත්ව වාර්තා විය. කොළඹ ආසන්නයේ මෙම අගය වාර්තා වන්නේ සෙල්සියස් අංශක32-33 අතර අගයක් ලෙසය.

කෙසේ වෙතත් අන්තර් මෝසම ආරම්භයත් සමග මේ දිනවල බස්නාහිර, වයඹ, නුවරඑළිය, මහනුවර වැනි ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.