නිරෝෂණ කුමාර
ඉන්ධන මිල වැඩි වුවත් තම සංගමයේ ලියාපදිංචි ත්‍රිරෝද රථවල ගාස්තු වැඩි කිරීමක් මේ මොහොතේ සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ කමිටුවේ නිර්දේශ අනුව ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර, ඒ පිළිබඳව ලබන 18 දා සාකච්ඡා කෙරෙන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රිදුරන්ගේ හා කර්මාන්තකරුවන් ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා පැවසීය.
අවම ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දැමුවොත් තමන්ට සාධාරණයක් ඉටුවන බව ඔවුන් අදාළ අධිකාරියට දැනුම් දී තිබේ. බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් තිබුණ ද, ත්‍රිරෝද රථ සඳහා එවැනි ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක නැති අතර, මේ දිනවල එවැන්නක් සකස් කරමින් පවතින බව ද ඔහු පැවසීය.
මෙහිදී පළමු කිලෝමීටරය සඳහා රුපියල් දහයකින් මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කළේ ආදායම වැඩිකර ගැනීමට නොව, ඉන්ධන මිල ඉහළ යාම නිසා වැයවන අමතර මුදල ආවරණය කර ගැනීම සඳහා පමණකැයි හෙතෙම සඳහන් කළේය.
“ත්‍රිරෝද රථ රියැදුරෙකු සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් ලීටර් අටක් ලබාගත හොත්, ඔහුට අමතරව රුපියල් 192ක් වැය වෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු දිනකට කුලී ගමන් 15 - 20 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන නිසා රුපියල් දහයකින් වැඩි කළ හොත් ඔහුට ඒ සඳහා රුපියල් දෙසීයක පමණ ආදායමක් උපයාගත හැකියි. ලබන 18 වන දා පැවැත්වෙන සාකච්ඡාවේ දී එම ගාස්තු වැඩිකිරීම පිළිබඳව තීරණයක් ගන්නවා.” රෝහණ වැඩිදුරටත් කීවේය.
දැනට ත්‍රිරෝද රථ මීටර් හා ඇප් මගින් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවල මීටරය මගින් විවිධ මිල ගණන් අය කළ ද, එම මීටරය පිළිබඳව මෙතෙක් ජාතික ගමනාගමන කොමිසම නියාමනයක් සිදුකර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නොපමාව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd