උපුල් වික්‍රමසිංහ
මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ගනු ලබන තවත් එක් පියවරක් වශයෙන් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් සෙගාර්යන් සමග පසුගිය සිකුරාදා (13දා) සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැන්වීමට තමන් ක්‍රියාකරන බවට රුසියානු තානාපතිවරයා අදාළ සාකච්ඡාවේදී පැවසූ බව මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු, සංචාරක හා විදේශ සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙම ඉල්ලීම ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ද එහිදී තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd