උපුල් වික්‍රමසිංහ
කොළඹ වරාය නගරය සඳහා සපයනු ලබන ජලසම්පාදනය ඇතුළු උපයෝගීතා සේවා වෙනුවෙන් වැය වූ පිරිවැය අයකර ගැනීමට එම භූමියේ රජයට අයිති ඉඩම්වලින් ලැබෙන බදු කුලියෙන් 100% ක් සහ CHEC Port City සමාගමට අයත් ඉඩම්වල බදු කුලියෙන් සියයට 1 ක්ද වශයෙන් අය කරගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති.
වරාය නගරය සඳහා ජලසම්පාදනය ඇතුළු උපයෝගීතා සේවාවන් සැපයීම වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියන 9.9 ක මුදලක් වැය කර ඇතැයි ද 2027 වසරේ දී එම සේවාවන්වලට රුපියල් බිලියන 10.5 ක් වැය කිරීමට අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශයේ නිලධාරීහු සඳහන් කරති.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නිවේදන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතය හිමි වූ බව දක්වමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පසුගිය සිකුරාදා (13) සවස නිකුත් කරනු ලැබූ නිවේදනයක මේ බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd