ලවංගා මාධවී දෑරංගල

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉකුත් 9දා වන විට මෙරට හා මැදපෙරදිග අතර ගුවන් ගමන්වාර 590ක් අවලංගු වී ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ ය. 

ඒ අනුව මෙරටට පැමිණීමට තිබූ ගුවන් ගමන් වාර 296 ක් ද, මෙරටින් මැද පෙරදිගට යාමට තිබූ ගුවන් ගමන් වාර 294ක් ද අවලංගු වූ බව ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති නමුත් දැනට නොදැරිය හැකි පාඩුවක් මෙම ගුවන් ගමන් අවලංගුවීම් මගින් සිදු වී නොමැති බවය.