නිරෝෂාන් ප්‍රේමරත්න
ලංවිම ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පසු පිහිටුවන ලද නව සමාගම් හයට අදාළව සේවකයන් සඳහා පත්වීම් ලබාදීමේදී පනත ප්‍රකාරව ඒකාබද්ධ ගිවිසුමක් අත්‍යවශ්‍ය නොවන බවත් සියලු වරප්‍රසාද පනත සහ මූලික පැවරුම් සැලැස්ම මගින් තහවුරු කර තිබෙන බවත් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ලංවිම පරිවර්තන කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රධානී පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.
කෙසේ නමුත් බේරුම් කරන ක්‍රියාවලිය තුළදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ඒකාබද්ධ ගිවිසුම අත්සන් කිරීමට එකඟවූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මේ අතර පාරිභෝගියන් විදුලි බිද වැටීම්, විදුලිය විසන්ධි කළ පසු යළි ලබාගැනීම්, නව සබඳතා ලබාගැනීම්, නිවසක පවතින විදුලි මීටරයක් ක්‍රියා විරහිත වූ පසු ඊට නව මීටරයක් සවිකරගැනීම් පිලිබඳ පැමිණිලි ඔබ යොමු කළ යුත්තේ විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම (Electricity Distribution Lanka (Pvt) Ltd) වෙත යොමු කළ යුතු බවත් ඒ සඳහා පෙර භාවිතා කළ දුරකථන අංකම භාවිත කළ හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd