සුජිත් හේවාජුලිගේ
අගමැතිනි හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන අයට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා භාරදීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.
මුල්ම විශ්වාසභංගය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ලබන 18 වැනිදා කථානායකවරයාට භාරදීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා පැවසීය.
එම විශ්වාසභංගයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම 17 වැනිදා ආරම්භ කරන බව පැවසූ මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරගෙන යන බවද සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම පදනම් කරගෙන අගමැතිනියට එරෙහිවද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සහ විවිධ දූෂණ චෝදනා පදනම් කරගෙන කථානායකවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
කථානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට සාධාරණ කාලයක් ලබා නොදෙන නරක තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය. මෙම විශ්වාසභංග සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දැනටමත් නීති උපදෙස්ද ලබාගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd