(නිශාන්ත කුමාර බණ්ඩාර)
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් කරන මහ ඇමැති අපේක්ෂකයා කෙරෙහි දෙමළ සන්ධානය තුළ මත ගැටුමක් වර්ධනය වී ඇතැයි දෙමළ සන්ධාන මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසපුත්‍රම් රාසමානික්කම් මහතා පවසයි.
පක්ෂයේ එක් පිරිසක් තරුණ ජවසම්පන්න අලුත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු මතයක සිටියි. පසුගිය පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමැති ලෙස ඉදිරිපත් කළ සී.වී. විග්නේශ්වරන් මහතාගෙන් සේවයක් සිදු නොවූ බව තම සන්ධානය පිළිගන්නා අතර ඒ පිළිබඳ කනගාටු වන බව ද ඔහු සඳහන් කළේය.
මෙවර එවැනි වැරදීමක් සිදු නොකොට නියම සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා කටයුතු කිරීමේදී උතුරු - නැගෙනහිර පළාත්වල දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අතර යම් මත ගැටුමක් හටගෙන තිබේ.
මෙතෙක් සන්ධානය තුළ සිටින ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ඉදිරිපත් කරන්නේ ද නැතිනම් සන්ධානයට සම්බන්ධ වෙනත් අයෙකු ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ අර්බුදයක් හට ගෙන තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ දෙමළ සන්ධානය නියෝජනය කරන උතුරු - නැගෙනහිර මන්ත්‍රීවරු තවදුරටත් සාකච්ඡා කර ගැටුම් නිරාකරණය කර මහ ඇමැති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරේ මහ ඇමැති ධුරයට දෙමළ සංධානයේ මත ගැටුමක්