IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විසුම්පාය සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම

කැළුම් බණ්ඩාර


අවබෝධතා ගිවිසුම අස්සන් කොට වසරකට ආසන්න කාලයක් ගත වුවද, පෞරාණික විසුම්පාය ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

අදාළ දේපළ සඳහා ඉදිරිපත් වූ ජපාන අයෝජකයාගේ ඇස්තමේන්තුව හා ශ්‍රී ලංකා රජයේ තක්සේරු වටිනාකම අතර පරතරය පිළිබඳව එකඟතාවක් නොමැති වීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කොට ඇත.
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු මෙම ගොඩනැගිල්ලට නව ඉදිකිරීම් එකතු කළ නොහැකි නිසා එයට අමතර ගෙවීම්  කිරීමට ජපාන ආයෝජකයා අකමැත්ත පළකර ඇත. එසේ වුවද තක්සේරු දෙපාර්තමේන්තුව තම වටිනාකම පිළිබඳව දැඩිව සිටීමෙන් අදාළ ආයෝජනය රටට ලබාගැනීම අහිමි වී ඇති බව වාර්තා වේ.
මෙය වසර 190කට පෙර ඉදි කළ ගොඩනැගිල්ලක් වන අතර එවක ශ්‍රී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ (Ceyon Rifle Reaiwent) මුළුතැන් ගෙය (Mess) ලෙස භාවිත කර ඇත.  1970 වසරේදී ශ්‍රී ලංකා රජයට පවරාගත් මෙම ගොඩනැගිල්ල රාජ්‍ය නිල තානායමක් ලෙස  භාවිත කරන ලදී.
1990 දී මෙරට සංචාරය කළ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය භෝජන සංග්‍රහය  පවත්වා ඇත්තේ මෙම ගොඩනැගිල්ලෙහි ය.
මේ පිළිබඳව කළ විමසුමකදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇණහිට ඇති බවයි.
විශේෂ කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බවත්, එතෙක් අදාළ ආයෝජකයාට ව්‍යාපෘතිය අත් නොහරින ලෙස දන්වා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (0)

විසුම්පාය සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site