ගයාන් සූරියආරච්චි
වසර 5 ක කාලයක් ඉක්මවා ඇති පොලිස් පොදු සේවා නිල නිවාසවල පදිංචි නිලධාරීන්ට ඉන් ඉවත්වීම සඳහා මාස 6 ක සහන කාලයක් ලබා දී ඇති බවට වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුත් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
එම චක්‍ර ලේඛය ඉකුත් 5 වැනිදා පොලිස් මූලස්ථානය මගින් නිකුත් කර ඇත. එම කාලය අතරතුර යම් නිලධාරියෙකුගේ සේවා අවශ්‍යතාව මත හෝ වෙනත් සුවිශේෂ කරුණක් මත අදාළ නිල නිවෙසේ කිසියම් කාලයක් තවත් දුරටත් පදිංචිව සිටීමට අදහස් කරන්නේ නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෝ ක්‍රියාකාරී කොට්ඨාස අධීක්ෂණ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් නිර්දේශ කර පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු බව ද එහි සඳහන් වේ.
එලෙස ඉදිරිපත් කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමට පොලිස්පතිවරයා විසින් කමිටුවක් පත්කර එම කමිටුව මගින් නිකුත් කරනු ලබන නිර්දේශ සලකා අවස්ථානුකූලව එම නිල නිවෙස ලබා දෙන්නේ ද යන්න පොලිස්පතිවරයා විසින් තීරණය කර බව ද එම චක්‍ර ලේඛයේ සඳහන් වෙයි.
පොලිස් නිල නිවාසයක් ලබා ගැනීම හෝ එහි රැඳී සිටීම නිලධරයන්ගේ අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් බවත් නිලධරයන් දීර්ඝ කාලීනව එම වරප්‍රසාදය බුක්ති විඳීමෙන් සෙසු නිලධරයන්ට එම වරප්‍රසාදය අහිමිවන බවත් එහි සඳහන් වේ.
පොලිස් නිල නිවාස ලබාගෙන ඇති සමහර නිලධාරීන් වසර 10 ක් 20 ක් පමණ එම නිවාසවල ජීවත් වෙන අතර සමහර නිලධාරීන් නිල නිවාසවල සිටින අතරතුර විවිධ ප්‍රදේශවල නිවාස තනා පොලිසියෙන් ලබා දී ඇති නිල නිවාසය ද පොලිසියට භාර නොදී සිටින බව ද උසස් නිලධාරියෙක් පැවැසීය.
කෙසේ වෙතත් පොලිස් නිල නිවාසවල රැඳී සිටින නිලධාරීන්ට ඉන් ඉවත්වීම සඳහා මාස 6 ක කාලසීමාවක් ලබා දීම හේතුවෙන් පහළ ශ්‍රේණිවල සිටින පොලිස් නිලධාරීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බව ඔවුහු පවසති. බොහෝ නිල නිවාසවල රැඳී සිටින නිලධාරීන් දුර පළාත්වල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පාසල්වලට ඇතුළත්වී ඇති බැවින් නිල නිවාසවලින් ඉවත්වීමට සිදුවුව හොත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවට ඔවුහු මැසිවිලි නගති. සමහර නිලධාරීන් පවසන්නේ පොලිස් නිල නිවාසවලින් ඉවත්වී කුලී පදනම මත කොළඹ ප්‍රදේශයෙන් කුලී නිවාස ලබා ගැනීමට ඔවුන්ට වත්කමක් නොමැති බවය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 5ට වැඩි නම් නිල නිවාස වලින් යන්න වැ. බ. පොලිස්පති නිලධාරීන්ට දන්වයි