සුජිත් හේවාජුලිගේ
ප්‍රවාහන අංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මාතර බෙලිඅත්ත දුම්රිය ව්‍යාපෘතිය සඳහා ආනයනය කරන ලද කැබ් රථ හයක්ද ඊට ඇතුළත් වේ.
මෙම වාහන හයට අමාත්‍යාංශය ආනයන බදුගාස්තු වශයෙන් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් ගෙවා තිබුණු නමුත් ව්‍යාපෘති කටයුතු අවසන් වීමෙන් පසු අමාත්‍යාංශය වෙත පවරා නොගෙන වෙනත් පාර්ශ්ව පරිහරණය කරමින් තිබූ බව කියති.
මේ අතර නිල වාහනයක් ලෙස පරිහරණය කිරීමට වෙන් කළ වාහන හැර සියලුම රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදිය යුතු වුවත් මහමාර්ග අංශයේ වාහන හතළිහක රාජ්‍ය ලාංඡනය යොදා නොතිබුණු බව එම වාර්තාවේ දැක්වේ
තවද අමාත්‍යාංශයේ මහමාර්ග අංශය සතු වාහන නවයක හිමිකාරීත්වය කිසිදු පැවරීමකින් තොරව වෙනත් ආයතන වෙත මාරු කර තිබූ බවද විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මහාමාර්ග අංශයේ වාහන 36ක පසුගිය වසරේදී ඉන්ධන දහන පරීක්ෂා කර නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි.
සෑම ඉන්ධන පරීක්ෂාවකටම පසු මාස දොළහක කාල සීමාවකින් පසුව හෝ කිලෝමීටර් 25,000ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අලුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතුරින් මුලින් යෙදෙන අවස්ථාවට පසුව ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු බව චක්‍රලේඛවල දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2025 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd