IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා

සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට ඇතැම් ප්‍රධානීන් මන්දෝත්සාහි වීම හේතුවෙන් වින්දිත නිලධාරිනියන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසුගියදා පැමිණිලි කළහ.

ඇතැම් ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ ඇතුළත තොරතුරු පිටත යන බවට ප්‍රකාශ කරමින් බාහිර පරීක්ෂණයට අදි මදි කරන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි එම සේවකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට අකමැති වීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට සේවකයෝ සැක පළ කරති.
බාහිර විමර්ශනයක් පැවැත්වීම ලෝක සම්මත සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය හෙයින් මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු සේවකයන් දැනටමත් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එසේ නොවුණහොත්  වින්දිත නිලධාරිනියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් දැනටමත් පවත්වා ඇතත් වින්දිත නිලධාරිනියන්ට තවමත් සාධාරණයක් ඉටුවී නැති බව දැනගන්නට ඇත. එසේම එම විමර්ශන වාර්තාව අදාළ ප්‍රධානීන්ට බාර දීමද ප්‍රමාද වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේදී විවිධ හිංසනයන්ට ලක්ව ඇතැයි පැවසෙන සේවිකාවන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ දී රට අතහැර ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.
ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත් වූ බාහිර විමර්ශනයෙන් හෙළිදරව් වූ තොරතුරු මත එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පසුගියදා පියවර ගැනිණ.
එම බාහිර විමර්ශනය පවත්වනු ලැබුවේ ලැබුවේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසිනි.

 



අදහස් (0)

මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site