IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ

මාතර ජාතික ජනබලවේග කාන්තා සමුළුව දා...

 

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බලය පෙන්වීය. 30 වැනිදා මාතර දිස්ත්‍රික් සමුළුවට අති විශාල සහභාගීත්වයක් දැක ගත හැකි විය. බොහෝ දෙනෙකු දේශපාලන පක්ෂයක් සංවිධානය කරන සමුළුවකට එතරම් දැවැන්ත කාන්තා සහභාගීත්වයක් ලැබේ යැයි සිතුවේ නැත. ඉන් පසුව ජනවාරි 7 වැනිදා ගාල්ල කාන්තා සමුළුව පැවැත්වුණි. එයද මාතර සමුළුව මෙන්ම අති සාර්ථක එකක් වූ බව පෙනෙන්නට තිබුණි. ජනවාරි 14 වැනිදා හම්බන්තොට සමුළුව පැවැත්වෙයි. මේ ආකාරයෙන් සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාජබ කාන්තාවෝ බලය පෙන්වනු ඇත.


“ජාජබ මේ සැරේ දිනයි ද?” මේ වනවිට බොහෝ දෙනා නගන ප්‍රශ්නය එයයි. “ඉස්සරත් ඔය වගේ එනවා ඒත් ඡන්ද නෑ” තවත් පිරිසකගේ අදහස එයයි. අතීතයේ සිදුවූ ඒ ආකාරයෙන්ම සිදුවෙනවා නම් ජාතික ජනබලවේගයක් බිහිවන්නේ නැත. මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අලුත් ගමනක් ඇරඹීමකි. වඩාත් සංවිධානාත්මකව ඔවුන් ගමන් කරන්නේ එක අරමුණක් වෙනුවෙනි. ජනාධිපතිවරණයක් පැවැත්වු- වහොත් ඔවුන්ට මේ වනවිට හොඳම ‘බ්‍රෑන්ඩ්’ එකක් සිටියි. ඒ ‘අනුර’යි. මහා මැතිවරණයක් පැවැත් වුවහොත් ඔවුන්ගේ අපේක්ෂකයන් කවුරුන් වුවත් මාලිමාව වටා පිරිසක් සිටින බව මාලිමාවේ කාන්තාවෝ පෙන්වා දෙමින් සිටිති. මෙය මාලිමාවට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සිටීද යන ප්‍රශ්නයට පිළිතුරු දීමකි. මේ කාන්තාවන් පෙන්වා දෙන්නේ අපේක්ෂකයන් කවුරුන් වුවත් පක්ෂය වෙනුවෙන් ඇති තරම් පිරිසක් සිටින බවයි. 


දිස්ත්‍රික් සමුළුවලට පෙර රට පුරා කොට්ඨාස මට්ටමින් කාන්තා සමුළු පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මේ බොහෝ සමුළුවලට පැමිණෙන කාන්තාවන් වෙනදා මෙන් දේශපාලන න්‍යායන් ගැන හෝ අතීත දේශපාලනය හෝ ගැටුම් ගැන වැඩි අවබෝධයක් තිබූ අය නොවන බව මුලදී දැක ගත හැකිව තිබිණි. එහි අදහස මේ සිටින්නේ ජවිපෙන් ආ කාන්තාවන් නොවන බවයි. විවිධ දේශපාලන අදහස් දරමින් සිට මාලිමාව වටා එක් වූ කාන්තාවන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස කොට්ඨාස මට්ටමින් පැවති සමුළු සඳහා එක්වූවන් මෙම සමුළුවලදී කෙරෙන සාකච්ඡා සහ දේශන ගැන දැඩි උනන්දුවක් දැක්වූ බවද වාර්තාවෙයි. දැන් දිස්ත්‍රික් සමුළු හරහා ඔවුන් එකට එක්වෙමින් තමන්ගේ ශක්තිය පෙන්වමින් සිටිති. මෙය ජාජබ සිටින තැන පැහැදිලිවම පෙන්වන තත්ත්වයක් බව පැහැදිලිය. 


ජාජබ කාන්තාවන් පෙන්වන මේ ශක්තිය නිසාම පක්ෂයක් ලෙස වඩාත් විශ්වාසයෙන් දේශපාලන කටයුත්තේ යෙදීමට ජාජබට අවස්ථාවක් ලැබේ. වෙනත් කිසිදු පක්ෂයකට මේ ආකාරයෙන් දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සමුළුවලට කාන්තාවන් පුරවන්නට හැකිවේදැයි සැක සහිතය. එසේ වුවහොත් රට පුරා දුවන බස් රථ අදාළ නගරයේ තිබෙනු දැක ගත හැකි වනු ඇත. 


අතීතයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානාත්මක වැඩවලට රුසියන්ය. ඔවුන්ගේ මැයිදින පෙළපාළිය සහ රැස්වීම වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයකට වඩා ආකර්ශනීයය. එහෙත් ඒ ආකර්ෂණීයත්වයට එහා ගිය තත්ත්වයක් මේ සමුළුවල දක්නට ලැබේ. මේවායේ සිදුවන කතා බොහොමයක් මේවනවිට බොහෝ දෙනා දන්නා ඒවා වනු ඇත. ඒ අනුව මේ සමුළුවල වැදගත් දෙය කෙරෙන කතා නොවේ. එකට එක්වී පෙන්වන බලයයි. ඒ බලය හරහා ඉතාම විශ්වාසවන්ත බලපෑමක් වෙනත් දේශපාලන පක්ෂවලට එල්ල කිරීමට ජාජබට හැකියාව ලැබී තිබේ. 

 

ගාල්ල ජාතික ජනබලවේග කාන්තා සමුළුව දා...


ජාජබ කාන්තා බලය පෙන්වන අවස්ථාවේ අනෙක් පක්ෂ කළ යුත්තේ කුමක් ද? විශේෂයෙන්ම අනෙක් පක්ෂවල කාන්තාවන් කළ යුතු වන්නේ කුමක් ද? මේ ආකාරයෙන්ම කාන්තාවන් එකතු කර ගන්නට තමන්ට හැකි යැයි පාරම්බා පක්ෂ නායකයන් අමාරුවේ නොදා ඔවුන් කළ යුත්තේ මේ කාන්තාවන් ගෙන් කොටසක් දිනා ගන්නේ කෙසේද යන සැලසුම් හැදීමයි. එසේ නොමැතිව තමන්ගේ තරම පෙන්වන්නට ගියහොත් අනිවාර්යයෙන්ම තමන්ගේ තරම දැන ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත. එය භයානයක ප්‍රතිඵල ලබා දෙන්නක් බව පැහැදිලිය. 


මාලිමාවේ හරිනි අමරසූරිය මේ කාන්තාවන් එක් කර ගැනීමට ඉතාම හොඳ ආකර්ෂණයක් බව අපේ හැඟීමයි. බුද්ධිමත් කාන්තාවක් සැලසුම් සහගත ගමනක් ගැන කතා කිරීම මීට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තිබුණේ ඉතාම අල්ප වශයෙනි. එහෙත් හරිනි ඉතා පැහැදිලිවම එය කරමින් සිටියි. ආකර්ෂණීය කථිකත්වයක් නොමැති වුවද ඇය තමන්ට ආවේණික අයුරින් තමන්ගේ පණිවුඩය දෙමින් සිටියි. මේ අතරේ මේ කාන්තා සමුළු හරහා වඩා බුද්ධිමත් සහ හරවත් ලෙස තත්ත්වය විග්‍රහ කරන කාන්තාවන් හඳුනා ගැනීමට රටට හැකියාවක් ලැබෙන බවටද ඉඟි ලැබෙයි. ඒ අනුව බලන විට ජාජබ මේ කරන්නේ දේශපාලනයට ඉතාම වැදගත් කාන්තා දායකත්වයක් ලබා දීමයි. 
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තාවන්ට ඉඩක් වෙන් වූයේ යැයි නිරන්තරයෙන් සඳහන් වුවද එය සම්පූර්ණයෙන්ම පවුල් දේශපාලනය මත සිදුවූවකි. එහෙත් ඉඳහිට කාන්තාවන් මතු වුවද වැඩි දෙනා සැමියා නිසා, සහෝදරයා නිසා හෝ පියා නිසා දේශපාලනයට එක්වූවෝ වෙති. ජාජබ කරළිය විවෘත කරමින් සිටින්නේ අලුත් පරම්පරාවකටය. ඒ පරම්පරාව දැනුමෙන් සන්නද්ධය. බොහෝ දේශපාලන පක්ෂ අමතක කළ කාන්තාව මේ ආකාරයෙන් සන්නද්ධ කර එකට එකතු කිරීම අපට අනුව නම් මරේ මරුය. ජාජබ කාන්තා රැල්ල දැවැන්ත ජන රැල්ලක ආරම්භය වේයැයි ජාජබ බලාපොරොත්තු වනු නියතය. මේ කාන්තා රැල්ල පරාජය කරන්නේ කෙසේදැයි අනෙකුත් පක්ෂ සැලසුම් අඳිනු ඇත. ඒවා කෙසේ වෙතත් 2024 මැතිවරණ වර්ෂයට මේ රැල්ල ඉතාම හොඳ ආරම්භයක් බව නම් පැහැදිලිය.

 

 

 



අදහස් (0)

මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31216 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 78 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 909 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site