පද්මිණී මාතරගේ
ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහතික ලෙස ලබාගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් වංචා දූෂණ කිසිවකට සම්බන්ධ නැති පටු පෞද්ගලික අරමුණු නැති විශිෂ්ටතම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “ඉරිදා ලංකාදීපය”ට පැවසීය.
මේ ෙවන විටත් එසේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන කණ්ඩායම් ලැයිස්තුව සකස් කර අවසන් වෙමින් පවතින බව ද ඒ මහතා කීය. දෙමළ, මුස්ලිම් නියෝජනය හා කාන්තා නියෝජනය ගැන ජාතික ජනබලවේගය විසින් විශාල සැලකිල්ලකට ලක්කරමින් මෙම ලැයිස්තුව සකස් කරන බව ද ඔහු කීය.
ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අවසන් බවත්, විපක්ෂය දුර්වලව පවතින බවත් පැවසූ ඒ මහතා ජනතාව ජාතික ජනබලවේගය විශ්වාස කර තිබෙන අතර එම විශ්වාස කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බව ද කීය.
ජනතාව එම බලය, ජාතික ජනබලවේගයට සහතික ලෙසම ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය. මේ ෙවන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 04 වැනිදා ආරම්භකර 11වැනිදායින් අවසන් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිමාවට බහුතර බලය ස්ථිරයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා