IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදුල්ලේ බස්රථ අනතුරෙන්‍

බදුල්ලේ පාලිත ආරියවංශ
සූරියවැව, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පිරිසක් ගමන් කළ බස්රථයක් බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳට නුදුරු අඹගහවක ප්‍රදේශයේ බෑවුම් සහිත ස්ථානයකදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී සිදුවූ අනතුරෙන් දෙදෙනෙකු මියගොස් තුවාල ලැබූ 41 දෙනෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු උපදේශකයන් පස් දෙනෙකු හා ආරක්ෂක විද්‍යාපීඨ අභ්‍යාස ලාභීන් පිරිසක් මෙහි ගමන්‍් කර ඇති අතර ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන් (31) දා පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නතරවී සිට තවත් පුහුණුවක් සඳහා ක්ෂේත්‍රයට යමින් සිටියදී 1 වැනිදා උදෑසන 8.30 ට පමණ මෙම අනතුරට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තද බෑවුමක් සහිත මෙම ස්ථානයේදී බසයේ තිරිංග දෝෂයක් නිසා වේල්ල දෙසට ධාවනය කළේ දැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි. බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත්වෙ දමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත සහ පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

බදුල්ලේ බස්රථ අනතුරෙන්‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site