සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරී තනතුරු පිරවීම කෙරුණේ දැනට සේවය කරන නිලධාරීන් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.
මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති. පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට මෙසේ බඳවා ගැනීමට යන බව පැවසෙන්නේ රජයේ පරිපාලන සේවයෙනි. පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තාවේ. මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවෙන් විරෝධයක්