IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්

ඉන්දික හේවාවිතාරණ
වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
අක්කරයක වගා කටයුතු සිදුකිරීම සඳහා මෙම කන්නයේදී රුපියල් 170,000 - 180,000 අතර මුදලක් වැය වී තිබෙන බව එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. නාඩු වී කිලෝවක ගැනුම් මිල මේ වන විට රුපියල් 100 - 105 අතර පවතී.  අක්කරයකින් ආසන්න වශයෙන් මෙවර ලැබී තිබෙන්නේ කිලෝ 1500 ක් හෝ ආසන්න ප්‍රමාණයක්  වන බව සභාපතිවරයා පැවසීය.
අක්කරයකින් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම අලෙවි කළත් ලැබෙන්නේ රුපියල් 150,000 - රුපියල් 160,000 අතර මුදලක් බව ඔහු සඳහන් කළේය.


කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 260 ක් වුවද හොඳ තත්ත්වයේ කීරි සම්බා සහල් පාලන මිලට මිලදී ගැනීමට සාමාන්‍ය වෙළෙඳපොළෙහි නොමැති බව හෙතෙම පැවසීය.
යම් පිරිසක් විසින් හොර රහසේ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300 ඉක්ම වූ මිලකටත් ඇතැම් ප්‍රදේශවල රුපියල් 360 කටත් අලෙවි කරන බව අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. කීරි සම්බා සහල් කිලෝවක මිල ඉහළ ගියද මේ කන්නයේදී කීරි සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 125කට හෝ රුපියල් 130ක් වැනි මුදලකට වන හෙයින් කීරිසම්බා වී කිලෝවක මිල හා සහල් කිලෝවක් අලෙවි කරන මිල අතර විකෘතියක් ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.
නාඩු  වී කිලෝවක් සකස් කිරීම සඳහා මෙවර රුපියල් 115 - 120 අතර මුදලක් වැය වන නිසා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක්වත් හිමි විය යුතු බව ඔහුගේ අදහසයි.



අදහස් (0)

නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site