සුදර්ශනී කෝණාර
වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්දා (10දා) ඇප ලැබුණි. ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන් මීට පෙර ඇප අයැදුම් කළ අවස්ථාවේ දී එය ප්‍රතික්ෂේප වූ අතර මෙවර ඔහු ඇප අයැදුම් කළේ දෙවැනි වතාවටය. දුම්බර බන්ධනාගාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.