නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබා දීම හෝ ඒවා ලබා ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත.
නිශ්චිත නිර්ණායක මත පදනම්ව, විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් පරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා ගන්නා නාමයන් භාවිත කරමින්, විවිධ පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන සන්නස්පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
මේ ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින්, මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂ ලාංකිකයන්හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් වෙන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා, ජාතික සම්මාන හා ගෞරව නාම වැරදි ආකාරයට භාවිත කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කරයි.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මගින් ජාතික සම්මාන සඳහා නාමයෝජනා ලබාගැනීම සිදු කෙරෙන බව කියන අදාළ මාධ්‍ය නිවේදනය, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා, තේරීම් කමිටුවේ නිර්දේශ මත ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයැදුම්පත් කැඳවීම වෙනුවෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සම්මාන සහ ගෞරව නාම අවභාවිත කරන අයට වැඩ වැරදී