
සුජිත් හේවාජුලිගේ
කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවකුට පැවරීමෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම පාඩුව සිදුවී ඇත්තේ කොන්ත්‍රාත්කරුවකුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවකුට පැවරීම නිසා බවද එහි දැක්වේ.
ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදිකිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2022 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇත.
ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවකුට කෝටි 18 කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අනුව එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කෝටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි විගණන විමර්ශනවලදී හෙළිවී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාර හා කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් රටට ගැලපෙන ආකාරයට අදාළ වන ප්‍රමිති හා මාර්ගෝපදේශ සකස් කිරීමට
කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.
ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ජෛව විද්‍යා මැදිරියට යාබදව පවතින දෙවැනි මහලේ වම් පස කොටස මුළුමනින්ම වසා දමා 2012 වසරේ සිට මේ දක්වා මහජන ප්‍රදර්ශනයෙන් ඉවත් කර තිබූ අතර අවශ්‍ය අලුත්වැඩියා සිදුකර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට හෝ ඵලදායි වෙනත් කාර්යකට මෙම කොටස භාවිත කර නොතිබූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති. මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 04
310
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිනි ආරක්ෂණ කොන්ත්‍රාත්කරුගේ අසාර්ථකත්වයෙන් කටුගෙයි පාඩුව නව කෝටියයි