IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එන සතියේ සිට පොල් ගෙඩියක් රුපියල් 105 ට?

උපුල් වික්‍රමසිංහ
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා කළ ඉල්ලීමට කර්මාන්තකරුවන් එකඟ වූ බව ද ඒ අනුව වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල එම මට්ටම දක්වා අඩු වෙතැයි අපේක්ෂා කරන බව ද පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

පොල් ඵලදාව අඩුවීම හමුවේ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගෙන් පොල් සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇතැයි කී එම ප්‍රකාශකයා, ලබන 31 වැනිදා පැවැත්වෙන පොල් වෙන්දේසියේදී ද පොල් ගෙඩියක මිල රුපියල් 100 ත් 105 ත් අතර අගයක පවත්වා ගෙන යෑමට සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කළේය. 
වසරකට පොල් ගෙඩි මිලියන 20 ක් පමණ අපනයනය කරන බව ද, උද්ගතව ඇති පොල් හිඟය හමුවේ එය අධෛර්යවත් කිරීම වෙනුවෙන් අපනයනය කරන පොල් ගෙඩියක් සඳහා අය කරන රුපියල් 10 ක සේවා ගාස්තුව රුපියල් 20 දක්වා වැඩි කරන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

එන සතියේ සිට පොල් ගෙඩියක් රුපියල් 105 ට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site