IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්

සුජිත් හේවාජුලිගේ

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇත. අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධුරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධුරයේ ඉන්ධන දීමනාව ද ලබාගෙන තිබූ බව පැවසේ. 

තමන්ට අමාත්‍ය ධුරයට  ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්  පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී ඇත.

අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාව මෙය බව පැවසේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වේ. 

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

 



අදහස් (0)

ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site