සුජිත් හේවාජුලිගේ
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් රජය විසින් පසුගියදා ලබාගෙන ඇතැයි වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය එහි නිලධාරීන් කණ්ඩායමක් මාර්ගයෙන් මෙම තොරතුරු වාර්තාව ලබාගෙන තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය රජය සමයේදී විදේශ සේවයට පත්කරනු ලැබ ඇති මැති ඇමතිවරුන්ගේ ඥාතීන් සහ හිතවතුන් සංඛ්‍යාව සියයකට වැඩි බව පැවසේ. මෙම වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසුව ජනතාවට ප්‍රසිද්ධ කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර ඇත.
එසේම විදේශ සේවයට දේශපාලනඥයන්ගේ හිතවතුන් හා ඥාතීන් යැවීමේ ක්‍රමවේදය වෙනස් කරන ලෙස ඔහු නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස්දී තිබේ. එසේම බුද්ධි අංශද මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් පසුගිය දිනවල කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd