IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට


චාමර සම්පත්


ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව  “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

සැබෑ මතවාදයක් සහිතව එම මතවාදය ජනතාව අතරට ගෙනයාමේ අරමුණ ඇතිව සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදීව අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එය කිසිදු ගැටලු‍වක් නොවන බවත්, ගැටලු‍ව වන්නේ එසේ සිදුනොවීම බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ලැබෙන වරප්‍රසාද (ගුවන්විදුලි රූපවාහිනි අවකාශය, ඡන්ද පොළ නියෝජිතයන්  භාවිත කරමින් තවත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට බොහෝවිට කටයුතු කර ඇති බව අතීත සිදුවීම්වලින් මනාව පිළිබිඹු වන බවත්, කෙසේ හෝ ජනතා මුදල් විනාශ කිරීමක් බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය. පසුගිය 2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දය සලකුණු කිරීමේ පත්‍රිකාව අඟල් 26 ක දිගින් යුතුව මුද්‍රණය කිරීමට සිදුවිය. රජයේ මුද්‍රණාලයේ මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැක්කේ උපරිම දිග ප්‍රමාණය අඟල් විසිහත හමාරක් බවත් අපේක්ෂකයන් මෙම ප්‍රමාණයටත් වඩා වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව වෙනස් කර මුද්‍රණය කිරීමට සිදුවන බවත් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

එවිට මුද්‍රණ වියදම්, ඡන්ද පෙට්ටි ඇතුළු සියලු‍ වියදම් වැඩිවන බැවින් අපේක්ෂකයන් වැඩි​ ෙවනවිට මැතිවරණ වියදම් වැල්‌ පොලී ක්‍රමයට ඉහළ යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිම වියදම් ඇත්තේ තැපල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය හා සම්බන්ධව බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම මීට දින කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේ පැවති වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි. 

”‍ජනාධිපතිවරණයේ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් නීතියක් වුණේ නැහැ. අපේක්ෂකයො වැඩිවීම හොඳයි. ඡන්ද පත්‍රිකාව දිගුවන සෑම අඟල් භාගයකටම වැල් පොලී ක්‍රමයට තමයි වියදම වැඩිවෙන්නේ. මුල දෙදෙනා හැර අනෙක් අය ඇප බේරාගෙන නැහැ. ඉදිරිපත් වෙන බොහෝ දෙනා තවත් අයෙක් නියෝජනය කරන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තරග කරනවා නම් කමක් නැහැ. ස්වාධීන කණ්ඩායමක් සඳහා රුපියල් ලක්ෂ 31ක්. ඉන් ලක්ෂයක් නැවත නොදෙන තැන්පතු. පක්ෂයක් සම්බන්ධයෙන් ලක්ෂ 25ක්. මෙවර මැතිවරණයට පෙර සම්මත කර දෙන්න.”‍ යනුවෙන් ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ 2019 වාර්ෂික වාර්තාව අනුව 2019 නොවැම්බර් 16 දා පැවති ජනාධිපතිවරණය සඳහා රුපියල් මිලියන 3217 ක් වැයවී තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් අයවැය මගින් වෙන්කර ඇත. ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ඇප මුදල් තැන්පත් කිරීමේදී අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26දා) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site