සුජිත් හේවාජුලිගේ
ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ සහ රාජ්‍ය බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.
ආර්ථික අඟහිඟකම් හේතුවෙන් බොහෝ නිවාසවල ස්වර්ණාභරණ සියල්ල විකුණා අවසන්ව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
අඟහිඟකම් හේතුවෙන් විවිධ වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර කිහිපයේ දී විකුණා දමා ඇති බව වාහන වෙළෙඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන මිලදී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ බැකෝ, ජේසීබී ඇතුළු වාහන මෙන්ම ගොවිතැනට සම්බන්ධ වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ද පසුගිය වසර දෙකේ දී විකුණා දමා ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්