IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රන් තැටියක කඳුළු

සිලුවටය


මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්

මෙතෙක්‌ ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසි පියෙන්
බිඳී සුන් වන ලොවක,
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව

දස එකඩ මසක්‌ ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස්‌ මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස්‌ තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර,
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස්‌ පිඩැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නො දත් දැරියකි සිඟිති

කිරිගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර 
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්

දයාසේන ගුණසිංහ 


'රන්තැටියක කඳුළු' නමින් 1974 දී තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළකොට ඇති දයාසේන ගුණසිංහ කවියා දශක දෙකක පමණ කාලයක්‌ තුළ කාව්‍ය සංග්‍රහ තුනක්‌ පළකොට අප අතරින් වියෝවුණු නිර්මාණශීලි කවියෙකි. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය 'නොවඳිමි සිදුහත්' වූ අතර අවසාන කවි එකතුව 'දොරමඬලාව' නම් වීය. රූපකාර්ථවත් බස, කාව්‍ය අනුභූතියෙහි විශද කරනු ලබන අපූර්වත්වය මෙන්ම ජීවිත පරිඥනය, යථාර්ථවාදී ගුණය දයාසේන ගුණසිංහ කවියාගේ කවි මගෙහි කැපී පෙනෙන සාධනීය ලක්‌ෂණවේ.



අදහස් (0)

රන් තැටියක කඳුළු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site