දිනේ පටන් ඔබ හැඳින්න
ඔබ දුන් මල් බෑ ගණින්න
අඳුර නසා එළිය දුන්න
ඔබට දෙන්න කවි වහින්න!

වැටුණ කලට මා ඔසවා
දිරි පාවඩ උඩ සිටවා
පැරදුණ කුණු මගෙ පිසවා
කටු ගස්වල මල් සැදුවා

වංගු නොමැති පාර වෙන්න
පංගුව නුඹෙ මටම දුන්න
ලෙන්ගතු මල් පොඩි කරන්න
ඩෙංගුවලට බෑ කියන්න!

ඔබෙ රන් වන් මුව කමලේ
එළි මා හිත තුළ බැබළේ
සිඳිත මඩිත ගුණ පතළේ
සඳුන් ගසකි ඔබ මෙකලේ!

දිනේ පටන් ඔබ හැඳින්න
ඔබ දුන් මල් බෑ ගනින්න
ඔබෙ ගුණ කඳ වෙහෙර පමණ
වටින යමක් නෑ පේන්න!

මං කවි නොලියන මිනිසා
මට කවියෙකි ඔබ වටිනා
සෙත් කවියකි මෙය ඔබටා
පුන් සඳ සුව වෙන් විගසා!

- සමිත බී. අටුවබැන්දෑල