
දිනේ පටන් ඔබ හැඳින්න
ඔබ දුන් මල් බෑ ගණින්න
අඳුර නසා එළිය දුන්න
ඔබට දෙන්න කවි වහින්න!
වැටුණ කලට මා ඔසවා
දිරි පාවඩ උඩ සිටවා
පැරදුණ කුණු මගෙ පිසවා
කටු ගස්වල මල් සැදුවා
වංගු නොමැති පාර වෙන්න
පංගුව නුඹෙ මටම දුන්න
ලෙන්ගතු මල් පොඩි කරන්න
ඩෙංගුවලට බෑ කියන්න!
ඔබෙ රන් වන් මුව කමලේ
එළි මා හිත තුළ බැබළේ
සිඳිත මඩිත ගුණ පතළේ
සඳුන් ගසකි ඔබ මෙකලේ!
දිනේ පටන් ඔබ හැඳින්න
ඔබ දුන් මල් බෑ ගනින්න
ඔබෙ ගුණ කඳ වෙහෙර පමණ
වටින යමක් නෑ පේන්න!
මං කවි නොලියන මිනිසා
මට කවියෙකි ඔබ වටිනා
සෙත් කවියකි මෙය ඔබටා
පුන් සඳ සුව වෙන් විගසා!
- සමිත බී. අටුවබැන්දෑල
2025 ඔක්තෝබර් මස 08
1821
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අසනීප වූ බිරිඳට කවි නොලියන සැමියා ලියූ කවිය!