
එළියේ සිටින අප අඳුරට බියපත්ව
හඬනා කලට නුඹ සිටියේ තැන්පත්ව
එළියේ තැවෙන විට අප හද හෙම්බත්ව
හිටියේ අඳුර විඳ විඳ නුඹ දැනුවත්ව
අපටත් වඩා ආලෝකය කියවමිනි
මැදිහත් සිතින් ඝන අඳුරේ කිමිදෙමිනි
පොහොසත් හදින් විඳිනා දුක අනුහසිනි
පැහැපත් කවිය පිරුණේ බෝසත් පෙමිනි
අඳුරක නොවේ එළියෙ දි අතපත ගෑව
පුහුදන පිඹින කල ජීවන හොරණෑව
අඳුරෙන් නෙලාගෙන කවි මල් පලදාව
උපුලා හදවතින් ගැලුවෙ ම කරුණාව
ඉකිලන ලොවක කඳුළක සිහිලස ගිහිණී
පිරිසිඳ ගලන සුවිපුල් හැඟුමින් පොහොනී
විනිවිද දකින අඳුරක රස අනුහසිනි
නුඹ හදමඬල පතුලෙ ම කවි පිළිසිඳුණි
තුන්බිය විඳින නූපන් කලලයක පටන්
ගින්දර ගිලින සංසාරික නපුර යටින්
සුන්දර සිහින ගෙන පෙම්බර හදක උපන්
අම්බලමක දි හමුවී කවි කියමු මචං
මතකය දිගේ දාඩිය රස අතුරාන
නොකියන රිදුම් උඩ සිතුවිලි මතුරාන
කකියන හැඟුම් ගඟ කවියක අතුරාන
අපමණ පෙමින් දොඩමළු වෙමු මිතුරාන
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපුලා