
මනා රුවින් තෙලඹුව උඩ සිටින ලියේ
සිනා බසින් දනමන තුටු කරන ලියේ
දිලේ නුවන් නිල්මිණි පරදවන ලියේ
ඉතා සැණින් බැස පල ස්වර්ණමාලියේ
(රන් තෙලඹු වර්ණනාව)
මහා සෑ රන් කොත දිලේ
දුර අහස මුදුනට වී
බොහෝ අය ඇත ඒ පිනෙන් අද
නිවන් පුරයට වී
එදා මෙබිමේ අයිතිකාරී
එරන් ලලනාවී
ස්වර්ණමාලී පාරේ හිටියා
කෙසඟ වී ලෙඩ වී
ඉතින් ඉන්පසු සාදු නාදය
පිරුණි වට – අවට
කියූ දේවල් දෙන්න අමතක
වෙන්න ඇති රජුට
නුහුරු අගුවල දිවි ගෙවූ බව
සැලවුණා අපට
ස්වර්ණමාලියෙ පොඩි ගෙයක් වත්
දුන්නැද්ද නුඹට
කොටා මිරිකා පොවා දිවි යුෂ
දරු කැලට හිමිට
දොවා ගනිමින් රෑට හීනෙන්
තෙලෙඹු මල් සතුට
ගැස්සිලා ඇහැරිලා උදයෙම
හේවිසියෙ හඬට
අදත් ඇවිදී එපුර දොර දොර
පතා ඇය පිහිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd