
වීදි සරනා මවක දුටුවෙමි
දෑස කඳුළින් තෙමි අඳවුනු
ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව
නොමළ බිලිඳෙකි සෙමින් මියයන
කිසාගෝතමික ලෙසින් ඇය
ලොවට අත පා අයැද සිටියේ
මියැදි බිලිඳුට නැවත පණ නොව
මියෙන පොඩි පුතු රකින මඟකිය
මංසලෙන් සල නැගුණු තොරණින්
මහරු සම්බුදු සිරිත දිස් විය
උවැසි උවැසිය ගැයූ බැති ගී
අමර පිස වාගැබට එක්විය
නැඟෙන සැණකෙළි හඬින් සිව්දෙස
පිරි අබිසෙස් ලැබී සොම්නස
විදුලි එළියෙන් පුරය එකලුව
අසිරිමත් සුරලොවක් බිහිවිය
රැයහි මැදියම ගෙවන මොහොතෙහි
දනන් කෙළිලොල් හඬනිමාවිය
මවක් ඉකි බිඳ වැලපෙනා හඬ
පාළු විදිය වසා මතු විය.
දයාසේන ගුණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd