
1936 - ඛේදනීය ආර්ථික අවපාත සමයේ- ලේඛකයෙකු විසින් කරතැයි විශ්වාසයට ගත නොහැකි අයුරින්, ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ජෝන් ස්ටෙයින්බෙක් සංක්‍රමික කඳවුරෙක ජීවිතය ගෙවීය.
නියඟයෙන් සහ දූවිල්ලෙන් සියල්ල අහිමි ව වඩා හොඳ ජීවිත පැවැත්මක් පතා කැලිෆෝනියාවට සංක්‍රමණය වූ දිළිඳු ජනයාගේ ජීවිතය හැදෑරීම ඔහුගේ අභිමතය විය.
ඔවුනගේ පැතුම් බිඳිණ. ඒ හිලව්වට ඔවුනට හිමිවූ යේ බලවත් ඉඩම් හිමියන්ගේ අපමණ ගැරැහුම් සහ ද්වේෂය හමු වේ මහත් කුසගින්නෙන් සහ පිපාසයෙන් යුත් ව, දැඩ් අව්වේත් වැස්සේත් සීතලේත් එම ගොවිපල්හි තොරක් නොමැතිව කෙටීමට, බීජ වැපරීමට, වල් නෙළීමට ය.
“මිනිසාගේ වේදනාව වටහාගත යුත් නම්, ඔබ ඔවුන් හා මඩේ ඇවිද යා යුත් ය,” ස්ටෙන්බෙක් ලිවී ය. එසේ ඔහු කම්කරුවෙකු සේ හැඳ, ඔවුනගේ ආහාර කා, තරු දිලෙන අහස යට, කඳවුරු ගිනි එළියෙන් සහ කඳුලෙන් දිලෙන ඔවුනගේ මුහුණු බලා දුක්බර කතා ඇසීය.
එසේ ගෙවූ රාත්‍රීන් එළිදැක්වෙමින් ඔහු 1939 දී ලියූ The Grapes of Wrath නවකතාවෙන් ජාතිය සසල විය; ධනවත් ඉඩම් හිමියෝ ඔහු බොරුකාරයෙකු යැයි කීහ; පල්ලිය විසින් නවකතාව තහනම් කරනු ලැබීය; රහස් පරික්‍ෂණ සඳහා වූ ෆෙඩරල් බියුරෝව (FBI) ඔහු අවදානම් මිනිසෙකැයි පවසීය.
එනමුදු එය කියවන දිළිඳු ජනයනා අඩන්නට වූහ.
“මම සත්‍යයෙන් පළායන ලේඛකයෙකු නොවෙමි, මම පළායා නොහැකි ජනයාගේ ලේඛකයා වෙමි,” ඔහු කීය.
වේදනාත්මක අරගලය තුළ දිරිය රැඳී ඇතැයි ඔහු අපට පසක් කරයි.
ඔහු බිරිඳගෙන් පතනුයෙත් ලේඛනයට කාරනා යැයි ඔහුගේ පළමු බිරිඳ වරෙක කීවා ය. ඔහු විශ්වාසකරනුයේ තම යතුරුලියනය පමණකැයි ඔහුගේ දෙවැන්නී කියන්නට වන.
නොබෙල්ත්‍යාගය ලබමන් ඔහු කරනු ලැබූයේ එය පිළිගැනීමේ කතාවක් නොව එහි වරද පෙන්වීමේ දෙසුමකැයි පැවසේ.
මේ සියල්ල මගේ සිහියට ආවේ මේ දිනවල මා කියවන අන්පොතක් හේතුවෙනි. එය නමින්The Berry Pickers (2023) වේ. කතුවරිය Amanda Peters නම් ඇයයි.
මේ නවකතා දෙක එකිනෙකට වෙනස් ය; එහෙත් සමාජ විෂමතාව සහ සූරාකෑම, ගෙදර අහිමිවීමත් සමඟ බිම හා ඇතිවෙන සබඳතාවය, බිඳ වැටුම් කෙතෙක් වූවත් අපේක්‍ෂා භංගත්වයට නොපැමිණීම සහ වඩාහොඳ ජීවිතයක් සෙවීම යනාදී කරුණු අතින් එකිනෙකට සමාන කම් රැසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd