​ලංකාවේ ගීත වංශකතාවේ "විරහව" නිසාම මිනිසුන් උමතු කළ, ඒ වගේම රජයේ මාධ්‍ය මගින් තහනමට ලක්වුණු අතිශය සංවේදී නිර්මාණයක් තිබේ.

 ඒ ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන් ගැයූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" ගීතයයි.

​ගුවන්විදුලිය පමණක්ම වූ යුගය
50-60 දශකවල අද මෙන් රූපවාහිනියක් හෝ සමාජ මාධ්‍ය තිබුණේ නැත. එකල මිනිසුන්ගේ හද ගැස්ම වුණේ ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. 

මුළු රටම එකම වෙලාවක එකම ගීතයක් ශ්‍රවණය කළ ඒ යුගයේ, ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන නිර්මාණයකට මිනිස් මනස පාලනය කිරීමේ අසීමිත බලයක් තිබුණි. 

මේ ගීතය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එය ලාංකීය ප්‍රේමවන්තයන්ගේ ආත්මයටම කිඳා බැසීමට එය ප්‍රධාන හේතුවක් විය. 
මෙම ගීතය කොතරම් ප්‍රබල වූවාද යත්, එකල අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් පවා හුදෙකලාවේ සිට මෙම ගීතය මුමුණන්නට පටන් ගත් බව වෛද්‍යවරුන් වාර්තා කර ඇත.

 විරහ වේදනාවෙන් පෙළෙන පෙම්වතුන් උමතුවෙන් මෙන් මෙම ගීතයට ඇලුම් කරන්නට විය. ඇතැම් පුද්ගලයන් තම ප්‍රේම වියෝගය දරාගත නොහැකිව රේඩියෝ යන්ත්‍ර පවා පොරෝවලින් කපා දමා තිබුණේ මේ ගීතය නිසා ඇතිවූ දැඩි කම්පනය හේතුවෙනි.

ශ්‍රාවකයන්ගේ මානසිකත්වයට මේ ගීතයෙන් සිදුවන අහිතකර බලපෑම සහ මිනිසුන් අතිශය අසුබවාදී වීමට පෙලඹීම සලකා බැලූ එකල ගුවන්විදුලි බලධාරීහු මෙම ගීතය ප්‍රචාරය කිරීම වසර කිහිපයකට සම්පූර්ණයෙන්ම තහනම් කළහ.

​"තුරුලට වෙලා" යන වචනය පවා එදා බලධාරීන් කපා දැමීමට උත්සාහ කර තිබුණි. එසේ උත්සා කිරීමෙන් පෙනෙන්නේ එදා සමාජයේ තිබුණු දැඩි සදාචාරාත්මක සීමාවන්. ඒත් ඒ වචන තමයි ගීතයට සැබෑ හැඟීමක් එක් කළේ.

​ගායනය: නාරද දිසාසේකර මහතා. 

1954 දී ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස ගුවන්විදුලියට එක්වූ ඔහු, සිංහල ගීතයේ හැඟීම්බරම හඬක් ලෙස ඉතිහාසයට එක්විය.

​පද රචනය: එඩ්මන්ඩ් ජයසූරිය මහතා. 

​වැදගත්ම දේ තමයි, මේ තරම් දුක්බර විරහ ගීතයක් ලියපු එඩ්මන්ඩ් මහතා, තමන් පෙම් කළ රාණි මහත්මියවම විවාහ කරගෙන අදටත් සතුටින් ජීවත් වීම. ගීතය පරාජිත වුණත්, ඔහුගේ සැබෑ ආදරය ජයග්‍රහණය කර තිබෙනවා

​සංගීතය: කුලරත්න තෙන්නකෝන් මහතා.

​අදටත් මේ ගීතය ඇසෙන විට හදවතේ කොනක සියුම් වේදනාවක් ඇතිවන්නේ එදා නාරද දිසාසේකරයන්ගේ ඒ අමරණීය හඬත්, එඩ්මන්ඩ් ජයසූරියන්ගේ අවංක පෑනත් නිසාමය.